Skip to content
V
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයෙන් නැව් යළි හැරීයයි
featured news - උණුසුම් පුවත්

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයෙන් නැව් යළි හැරීයයි

By News Room · 15 January 2025

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ක් හෝ 30ක් පමණ යළි හැරීගොස් ඇතැයි වාර්තා වනබව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ, ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට අද (15) එක් වූ අවස්ථාවේදීය. ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදයට කඩිනම් විසඳුම් සැපයීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉරිදා අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කළේය.

එහිදී දින 7ම පැය 24ම රාජකාරී කිරීමට රේගු නිලධාරීන් ජනපතිවරයට එකඟ වූහ. බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ එම සාකච්ඡාවෙන් පසු නිෂ්කාශන ක්‍රියාවලිය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් ඔරුගොඩවත්ත රේගු අංගනය අසල තවදුරටත් පෝළිම් දක්නට ලැබේ. ආනයන අපනයන නිෂ්කාශන නියෝජිතයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ, නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීමට නම් මෙම ක්‍රියාවලියට අදාළ සියලුම ආයතන පැය 24ම සේවය සැපයීම අවශ්‍ය බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026