Skip to content
V
බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් ; 5ක් දැලේ
featured news - උණුසුම් පුවත්

බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් ; 5ක් දැලේ

By News Room · 17 November 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්බව නාවික හමුදා පවසයි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110ක් (කි.මී. 200ක්) පමණ ගැඹුරු මුහුදේදී මෙම විශේෂ මෙහෙයුම ඊයේ (16) සිදුකර තිබේ.

මෙහිදී නාවික හමුදාව විසින් සැකකරුවන් පස් දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40ක පමණ තොගයක් ඇති බවට නාවික හමුදාව සැක කරයි.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026