Skip to content
V
බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි
featured news - උණුසුම් පුවත්

බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි

By News Room · 24 March 2025

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද ඒ අනුව අනිවාර්ය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයක් වන අතර ප්‍රතිකාර නොකළහොත් එය මරණයට පත්වීමේ අවදානමක්ද පවතී.

මෙනින්ජයිටිස් බෝවන රෝගයක් වන අතර සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල රෝග, මරණ සහ ආබාධිතභාවය සඳහා මෙනින්ජයිටිස් සහ මෙනින්ගොකොක්සිමියාව ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ.

විශේෂයෙන් සංක්‍රමණික සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින කලාපවල, රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ උපාය මාර්ගයේ වැදගත් කොටසක් ලෙස මෙනින්ගොකොකල් එන්නත භාවිතා කිරීම හා ගල්ෆ් සහයෝගිතා කවුන්සල මාර්ගෝපදේශ නිර්දේශ කර තිබේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස, නව එන්නත් කිරීමේ අවශ්‍යතාවය සේවකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ විභව වසංගත වැළැක්වීම යන සමස්ත මහජන සෞඛ්‍ය ඉලක්කයට අනුකූල වනු ඇත. දශක ගණනාවක් පුරාවටම ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ගේ ජනප්‍රිය රැකියා ගමනාන්තයක් ලෙස බහරේන් රාජ්‍ය හැදින්විය හැකි අතර එය වර්තමානය වන විට එය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. විදේශ රැකියා නියුක්ති කාර්යංශය පැවසුවේ 2024 වසරේ බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000 කට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇති බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026