Skip to content
V
බස් රථයක් හා වෑන් රථයක් ගැටී 12ක් රෝහලේ
featured news - උණුසුම් පුවත්

බස් රථයක් හා වෑන් රථයක් ගැටී 12ක් රෝහලේ

By News Room · 17 February 2025

කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන 6.10ට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන්ගත් තරුණියන් 8 දෙනෙකු ඇතුළු 12 දෙනෙක් කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පසුව ඉන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න, බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පිරිසකි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී වාහන දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026