Skip to content
V
බස් රථයක තිබී ජීව උණ්ඩ 123ක් සොයාගැනේ
featured news - උණුසුම් පුවත්

බස් රථයක තිබී ජීව උණ්ඩ 123ක් සොයාගැනේ

By News Room · 23 February 2025

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය​ක තිබී ජීව උණ්​ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම ජීව උණ්​ඩ තොගය බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කිරීමේදී මෙය සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවෙකු නොමැති ජීව උණ්​ඩ 123 අතර පිස්තෝල උණ්​ඩ 113 ක්, ටී56 උණ්​ඩ 09ක් හා ටී 56 එල්එම්ජී උණ්ඩයක් තිබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026