Skip to content
V
බන්ධනාගාරගත කර සිටින දේශබන්දුගෙන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක්
featured news - උණුසුම් පුවත්

බන්ධනාගාරගත කර සිටින දේශබන්දුගෙන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක්

By News Room · 23 March 2025

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ.

අදාළ ඉල්ලීමට පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් ඔහුට බන්ධනාගාරයේ රැඳී සිටින කාලය තුළ නිවසින් ආහාර ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අප්‍රේල් මස 03 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026