Skip to content
V
බදුල්ලේ නායයෑම් අවදානමක්
featured news - උණුසුම් පුවත්

බදුල්ලේ නායයෑම් අවදානමක්

By News Room · 11 December 2025

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග වාර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවය.

ඊයේ (10) දිනයේ දී අදාළ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

"ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණයි ආපදාවට ලක්වුණේ. ආපදාවට ලක්නොවී තිබුණ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් ආපදාවකට ලක්වුණා. කළුකැලේ කන්ද නායයෑම හේතුවෙන් පවුල් 50කට අයත් 129ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවන්න සිදුවුණා. ස්වර්ණාතොට කොට්ඨාසයේ පවුල් 60ක 157දෙනෙක්, ඌව පරණගම කොට්ඨාසයේ පවුල් 40ක 127ක්, රිදීමාලියද්ද කොට්ඨාසයේ පවුල් 50ක 139දෙනෙක්, මීගහකිවුල කොට්ඨාසයේ 35ක 158ක් නායයෑම් හේතුවෙන් ඉවත් කරන්න සිදුවුණා. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පවුල් 18කට අයත් 87දෙනෙක් සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 34කට අයත් 148 දෙනෙක් ලෙස පවුල් 238කට අයත් 806 දෙනෙක් නිවෙස්වලින් ඉවත් කරන්න සිදුවුණා."

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026