Skip to content
V
බදියුදීන්ගේ සංවර්ධන ව්‍යාපෘති නවතයි
featured news - උණුසුම් පුවත්

බදියුදීන්ගේ සංවර්ධන ව්‍යාපෘති නවතයි

By News Room · 19 August 2024

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා ඇත.

මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අනුමැතිය ලබාගෙන තිබිණි. ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත පදනම්ව ව්‍යපෘති ආරම්භ කළ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා දින අදාළ දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී.කුමාරි මහත්මිය මාර්ගෝපදේශ සපයා ඇත්තේ අදාළ ව්‍යපෘති අත් හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙසත්ය.

එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මියගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේදැයි සැකයක් පවතින බවයි.

එසේම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශයන් අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා නොදුනහොත් අකැමැත්තෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026