Skip to content
V
පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජය ඉසිපතන විද්‍යාලයට
featured news - උණුසුම් පුවත්

පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ජය ඉසිපතන විද්‍යාලයට

By News Room · 15 September 2024

2024 අන්තර් පාසැල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය මෙවර ලීග් රග්බි ශූරයින් වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 20ට 12ක් ලෙස පෙරමුණ ගන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුණා.

දෙවැනි අර්ධයේදී තියුණු සටනක් දියත් කළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගනිද්දී, ඉසිපතන ක්‍රීඩකයින් ද ලකුණු 14ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තා. කෙසේ වෙතත් පළමු අර්ධයේ වාසියත් සමග මෙම තරගයෙන් ලකුණු 34ට 29ක් ජයක් වාර්තා කළ ඉසිපතන ක්‍රීඩකයින් මෙවර පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026