Skip to content
V
පොළොන්නරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට රතිඤ්ඤා දාලා
featured news - උණුසුම් පුවත්

පොළොන්නරු මහේස්ත්‍රාත්වරයාගේ නිවසට රතිඤ්ඤා දාලා

By News Room · 28 October 2024

පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසිකර ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි. මාර්ගයේ සිට රතිඤ්ඤා කරලක් පත්තු කර තාප්පයෙන් විසිකර ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය කියයි. රතිඤ්ඤා කරල පත්තු කර විසිකරන විට මහේස්ත්‍රත්වරයාගේ මව සහ පියා නිල නිවසේ සිටි ඇති බවත් ඒ මොහොතේ ආරක්ෂාවට පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සිට ඇත. නිල නිවස වටා අඩි පහකින් උසින් යුක්ත තාප්පයක් තිබෙන අතර එම තාපයට උඩින් රතිඤ්ඤා කරලපත්තු කර විසිකර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026