Skip to content
V
පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකම භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි
featured news - උණුසුම් පුවත්

පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකම භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි

By News Room · 20 March 2025

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් භාරදුන් නාමයෝජනා විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මැදවච්චිය ප්‍රාදේශීය සභාව සදහා ජාතික ජනබලවේගය භාරදුන් නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ දිවුරුම් අත්සන් කිරීමේදී අත්සන සහතික නොකිරීම හේතුවෙන්.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නැනුප, රාජාංගණය, මිහින්තලය,ගල්නෑව ,තලාව සහ අනුරාධපුර මහනගර සභාව යන පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබුණා.

එමෙන්ම පුටුව ලකුණින් තරග කරන පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා. ලංකා කම්කරු කොංග්‍රසය තනිවම තරග කිරිම සදහා කොත්මලේ සහ මස්කෙලිය ප්‍රාදේශිය සභාවට තරග කිරිමට භාර දුන් නාම යෝජනා පත්‍ර ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශිය සභාවට තරගකිරීමට එක්සත් ජාතික පක්ෂය භාරදුන් නාමයෝජනා ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 කට අදාළව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 176 ක් ඇපමුදල් තැන්පත් කර තිබූ අතර නාමයෝජනා 165 ක් භාරදී තිබුණා. ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 148න් 17ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයට භාරදුන් නාම යෝජනා පත්‍ර 144 අතුරින් නාම යෝජනා පත්‍ර 9ක් ප්‍රතික්ෂේප වු බවයි බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන සදහන් කළේ.

මේ අතර, විරෝධතා දැක්වීමට ලබාදුන් කාල සීමාවෙන් පසුවද නාමයෝජනා පත්‍ර ප්‍රදර්ශනය කළ බව පවසමින් සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, මහනුවර - පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා සූදානම්කර තිබූ වාහන 08ක්ද අම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා.

මේ අතර, පළාත් පාලන ඡන්ද ඉතිහාසයේ පළමුවරට ප්‍රාදේශීය සභාවක් සදහා නාමයෝජනා භාරදුන් විදෙස් කාන්තාවගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඇය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය සභාව සදහායි එලෙස නාමයෝජනා භාරදී තිබුණේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026