Skip to content
V
පැහැරගත් සිසුවිය අම්පාරෙන් සොයාගනී
featured news - උණුසුම් පුවත්

පැහැරගත් සිසුවිය අම්පාරෙන් සොයාගනී

By News Room · 13 January 2025

ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ. අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා අද (13) උදෑසන සිය භාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

පැහැරගැනීම සිදුකළ ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ දී එම සැකකරු අම්පාර පොලිස් වසමේ සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අම්පාර පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව අද උදෑසන සැකකරුව හා දැරියව පොලිස් භාරයට ගෙන ඇත. දැරියව වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව ද පොලීසිය පවසයි. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වූ ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් දෙදෙනා ඊයේ (12) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ළැඟුම්හලක සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් ඊයේ දිනයේ දී මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීම සිදුකළ සැකකරු එම ව්‍යාපාරිකයාගේ සහෝදරියකගේ පුත්‍රයෙකු බව සඳහන් වුණි. 

පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ අනුව අද පෙරවරුවේ සිසුවිය සහ සැකකරු සිය භාරයට ගැනීමට හැකි වු බව පොලීසිය පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026