Skip to content
V
''පාස්කු වාර්තා ප්‍රසිද්ධ කිරීමට දී තිබූ දින 7 අදින් අවසන්" - ගම්මන්පිල
featured news - උණුසුම් පුවත්

''පාස්කු වාර්තා ප්‍රසිද්ධ කිරීමට දී තිබූ දින 7 අදින් අවසන්" - ගම්මන්පිල

By News Room · 21 October 2024

ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී තිබූ දින 7ක කාලය අද (21) උදෑසන 10න් අවසන් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා එය ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් දින 7ක් ඇතුළත එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු ඉකුත් 14වැනිදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළා.

පාස්කු විමර්ශන වාර්තා පිළිබඳ සංවාදය යළි කරලියට පැමිණියේ එම ප්‍රකාශයත් සමගයි.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ඉදිරිපත් කර තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවදානම මග හරවා ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතින බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (20)ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026