Skip to content
V
පාසල් සිසුන්ට ලබාදෙන පෝෂදායී ආහාර වේල අඛණ්ඩව ක්‍රියාත්මකයි
featured news - උණුසුම් පුවත්

පාසල් සිසුන්ට ලබාදෙන පෝෂදායී ආහාර වේල අඛණ්ඩව ක්‍රියාත්මකයි

By News Room · 24 April 2025

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි. අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. 

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මකය. විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීම ද මේ යටතේ සිදුවනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026