Skip to content
V
පාසල් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් ළමුන් 14ක් රෝහල්ගත කරයි
featured news - උණුසුම් පුවත්

පාසල් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් ළමුන් 14ක් රෝහල්ගත කරයි

By News Room · 3 March 2025

අද (03) දින උදෑසන කාලයේ කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කළ පාසල් ළමුන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පිරිමි ළමුන් දෙදෙනෙකු, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇතැයි පොලීසිය පැවසීය. අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026