Skip to content
V
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්
featured news - උණුසුම් පුවත්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක්

By News Room · 11 March 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

පසුගිය පෙබරවාරි මස 28 වන දින එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

ඒ 2023 වසරේ දෙසැම්බර්  31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය. 2023 වසරේ දෙසැම්බර් මස 31වනදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හරක් කටාගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණි.

එහිදී වැලිගම පිහිටි W 15 හෝටලය දෙස සිට සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය පැවසුවේය. ඒ අතරතුරදී වැලිගම පොලිස් ස්ථානයට අයත් ජංගම මුර සංචාරක රථයක් පැමිණ පොලිස් නිලධාරීන් පැමිණි වෑන් රථයට වෙඩි තබා තිබුණි.

ඒ, එම වෑන් රථයේ සිටින්නේ අපරාධකරුවන් යැයි වරදවා වටහා ගැනීමෙනි. ඒ සමග වෑන් රථය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඒ වනවිටත් වෑන් රථයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල සිදුව තිබුණි.

එහිදී රෝහල්ගත කළ එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වුණි. එලෙස වෙඩිවැදී මියගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නමැති 47 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. අදාළ මූලික මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වූ අතර එහි තීන්දුව පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. එවන් පසුබිමක මේ වනවිටත් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026