Skip to content
V
පොලිස් නිලධාරීන්ට රු. 7,000 ක දීමනාවකට කැබිනට් අනුමැතිය
featured news - උණුසුම් පුවත්

පොලිස් නිලධාරීන්ට රු. 7,000 ක දීමනාවකට කැබිනට් අනුමැතිය

By News Room · 18 November 2025

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය. මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබා දීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

"පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ඒ නිලධාරීන්ට දීමානාවක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ අනුව පොලිස් නිලධාරියෙකු රුපියල් 7,000 බැගින් දීමනාවක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලයන 1,100ක් 2025 වර්ෂයට වෙන්කරලා තියෙනවා. ඒක ලබන සතියේ ඒ නිලධාරීන් වෙනුවෙන් අපි ගෙවනවා. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රීඩා සපත්තු ඇඳුම් පැලඳුම් වෙනුවෙන් මුදලක් ඒ නිලධාරීන්ට ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒක ලබන සතියේ අපිට අනුමැතිය ලබාගන්න හැකියාව ඇතිවෙයි කියලා විශ්වාස කරනවා." 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026