Skip to content
V
පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරකින් 15ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

By News Room · 26 January 2026

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මගීන් 350කට අධික පිරිසක් රැගත් MV Trisha Kerstin 3 නම් යාත්‍රාවක් හදිසියේ ගිලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.

යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී යාත්‍රාවේ මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලය 27ක් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 316 දෙනෙකු බේරා ගැනීමට කටයුතු කර තිබේ. මේ අතර අනතුරට ලක්වූවන් බේරා ගැනීම සඳහා වෙරළාරක්ෂක ගුවන් යානයක්ද පිටත් කර හැරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

යාත්‍රාව අනතුරට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට හේතුව සෙවීම සඳහා සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් පවත්වන ලෙසටද එරට බලධාරීන් උපදෙස් ලබා දී ඇතැයිද සඳහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026