Skip to content
V
පාලිත රංගේ බණ්ඩාරට එජාප මහ ලේකම් පුටුව අහිමි වෙයි
featured news - උණුසුම් පුවත්

පාලිත රංගේ බණ්ඩාරට එජාප මහ ලේකම් පුටුව අහිමි වෙයි

By News Room · 29 August 2024

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරණා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි පැවසේ.එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයාටය.පසුගිය දින කිහිපයේ ඔහු 'සිරිකොත' එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවේ.ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබිණ.නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026