Skip to content
V
පොල් ගෙඩියක් රු. 250ක් දක්වා ඉහළ යන ලකුණු
featured news - උණුසුම් පුවත්

පොල් ගෙඩියක් රු. 250ක් දක්වා ඉහළ යන ලකුණු

By News Room · 27 January 2025

වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 250ක් දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳුන් පවසනවා. පසුගිය මාස කිහිපය පුරා මෙරට වෙළෙඳපොළේ පොල් සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වූ අතර, වාර්ෂික පොල් අස්වැන්න සැලකිය යුතු අගයකින් පහළ වැටී ඇති බවටයි වාර්තා වුණේ.

පවතින පොල් හිගයට පිළියම් ලෙස පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය රජයෙන් අවසර ඉල්ලා තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ. එවන් පසුබිමක මේ වනවිට ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 250 ක මිලකට අලෙවි වන තත්ත්වයක් පවතිනවා.

මේ අතර, වෙළදපොලේ පවතින පොල්, සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිගය හමුවේ සිය ආපනශාලා වසා දැමීමේ තත්ත්වයක් උදා වී ඇති බවට එම ආපනශාලා හිමියන් ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026