Skip to content
V
පොල් කිරි සහ ජෙලි මුවාවෙන් රට යැවීමට සූදානම් කළ මත්කුඩු තොගයක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පොල් කිරි සහ ජෙලි මුවාවෙන් රට යැවීමට සූදානම් කළ මත්කුඩු තොගයක් අත්අඩංගුවට

By News Room · 23 October 2024

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල් කිරි සහ ජෙලි අපනයනය කරන මුවාවෙන් කටාර් රාජ්‍යයට යැවීමට සූදානම් කොට තිබූ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍යය ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි ගණේමුල්ල පොලීසිය පැවසුවේ.

සැකකරු ගණේමුල්ල, තිබ්බොටුගොඩ ප්‍රදේශයේ නිවසකදී මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. පොලීසියට ලද තොරතුරක් මතයි සැකකරුගේ නිවස වැටලා තිබෙන්නේ.

එහිදී සැකකරු විසින් වෙළඳ සලෙන් රැගෙන ආ බඩු අතර පොල් කිරි පැකට් සහ ජෙලි පැකට්ටු පොලිසියට පෙන්වා තිබෙනවා. මේ අතර සැක සහිත පොලිතීන් ආවරණ ඉවත්කර බැලීමේදී ඒ තුල මෙම මත්ද්‍රව්‍ය සූක්ෂමව අසුරා තිබුණු බවයි පොලිසිය පැවැසුවේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026