Skip to content
V
පුරාවස්තු ලබාගැනීමට තැත් කළ 3ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

පුරාවස්තු ලබාගැනීමට තැත් කළ 3ක් අත්අඩංගුවට

By News Room · 1 December 2024

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින සිදුකරන ලද වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 32, හා 56 වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026