Skip to content
V
පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹෙයි
featured news - උණුසුම් පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය ඇරඹෙයි

By News Room · 14 November 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණා.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටිනවා. ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346ක්. ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු 29 දෙනා සඳහා අපේක්ෂකයින් 536ක් ඉදිරිපත්ව සිටිනවා. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7:00සිට පස්වරු 4:00 ඡන්ද මධ්‍යස්ථාන 13,314කදී පැවැතවීමට නියමිතයි.

ඡන්ද ගණනය කිරීමේදී තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කිරීමට නියමිත අතර සාමාන්‍ය ඡන්ද පස්වරු 7:15ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රික්ක අනුව පෙ.ව. 10:00 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන්;

කොළඹ දිස්ත්‍රික්කය :20%

මහනුවර දිස්ත්‍රික්කය :25%

නුවරඑළිය දිස්ත්‍රික්කය :20%

බදුල්ල දිස්ත්‍රික්කය :21%

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය :18%

මඩකලපුව දිස්ත්‍රික්කය :15%

කෑගල්ල දිස්ත්‍රික්කය :20%

පුත්තලම දිස්ත්‍රික්කය :22%

මාතර දිස්ත්‍රික්කය :10%

කළුතර දිස්ත්‍රික්කය :20%

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026