Skip to content
V
ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

By News Room · 21 April 2026

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලි' නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි.

එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් ප්‍රේමලාල් ජයසේකර මහතාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබි අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල්ඉකුත් වී ඇති බවත්, සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026