Skip to content
V
පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇති ඡන්ද ඔට්ටු
featured news - උණුසුම් පුවත්

පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇති ඡන්ද ඔට්ටු

By News Room · 14 September 2024

මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන් ඡන්ද ඔට්ටු ඇල්ලීමද පෙර නොවූ විරූ ලෙස වැඩිවී ඇතැයි වාර්තාවේ. සමහරුන් ගේදොර ඉඩ කඩම් වාහන මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ඡන්ද ඔට්ටු වශයෙන් අල්ලා ඇතැයි දැනගන්නට ඇත.

තවත් සමහරුන් ඔට්ටු පැරදුණු පසු කොණ්ඩය බූ ගෑම, මහ පාරේ පැය ගණන් හිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමටද ගිවිසගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ ඔට්ටු අල්ලා ඇති වැඩි පිරිසක් විවිධ තරාතිරම්වල ව්‍යාපාරිකයෝ වෙති. රත්නපුර සහ ඒ අවට ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් සහ තේ වතු හිමියන් රැසක්ද ඒ අතර සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සමහරුන් ඔට්ටු අල්ලා ඇත්තේ නීතිඥවරුන් ඉදිරියේ ඒ පිළිබඳ ලියකියවිලි වලටද අත්සන් තබමිනි.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඔට්ටු ඇල්ලීම පෞද්ගලික මට්ටමින් සිදු කෙරෙන්නක් හෙයින් එවැනි දේ මැතිවරණයට ලොකු බාධාවක් ඇතිවේ යයි සිතිය නොහැකි බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026