Skip to content
V
ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනෙකු ඝාතනය කරලා
featured news - උණුසුම් පුවත්

ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනෙකු ඝාතනය කරලා

By News Room · 1 September 2024

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් සහ 27 හැවිරිදි ඇල්මොග් සරුසි යන ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්ය.

ගෝල්ඩ්බර්ග් පොලින්, යෙරුෂල්මි, ලුබ්නොව්, සරුසි සහ ඩැනිනෝ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ පැවැත්වමින් තිබූ නෝවා සංගීත ප්‍රසංගයේදී පැහැර ගැනිණි.

ප්‍රාණ ඇපකරුවන් හයදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රියර් අද්මිරාල් ඩැනියෙල් හැගාරී ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල හමුදා ප්‍රාණ ඇපකරුවන් වෙත ළඟා වීමට දවසකට හෝ දෙකකට පෙර හමාස් සංවිධානය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් සහාසික ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවයි. ෆර්හාන් අල්-කාඩි බේරා ගත් උමගට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති උමගකින් ඔවුන්ගේ සිරුරු සොයාගත් බවද ඔහු පැවැසුවේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ හර්ෂ් ගෝල්ඩ්බර්ග් ඊශ්‍රායල ඇමෙරිකානු ජාතිකයකු බවත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවත්ය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් 250 ක ඊශ්‍රායල ජාතිකයන්ගෙන් 100 දෙනකු පමණ තවමත් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇතැයිද පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026