Skip to content
V
ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ පුද්ගලයින් 70ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ප්‍රහාරයකින් මාලි රාජ්‍යයේ පුද්ගලයින් 70ක් ජීවිතක්ෂයට

By News Room · 21 September 2024

මාලි රාජ්‍යයේ පොලිස් පුහුණු කඳවුරක් හා ගුවන්තොටුපළකට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාලි අගනුවර වන බමකො වෙත එල්ල කරන ලද ප්‍රහාරයකදී තුවක්කුකරුවන් විසින් මාලි හි ප්‍රධාන ගුවන් තොටුපළට ගිනි තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 255 දෙනෙකු තුවාල ලබා ඇති බවද සදහන්.

ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ හා හැකි බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ ත්‍රස්ත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි මාලි ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

දශකයකට පමණ පෙර මාලි රාජ්‍යය තුළ සටන්කාමීන් හා රජයේ ආරක්ෂක අංශ අතර ගැටුම් ආරම්භ වූ අතර එම කාලය තුළ දී එල්ල වු දැවැන්තම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026