Skip to content
V
ප්‍රසන්න රණතුංග දයාසිරිගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි
featured news - උණුසුම් පුවත්

ප්‍රසන්න රණතුංග දයාසිරිගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි

By News Room · 1 September 2024

තම කීර්තිනාමයට හානියක් සිදුවුයේ යැයි රුපියල් මිලියන 200 ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස දන්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

ඒ තමන්ට ලැබුණු සුරා බදු බලපත්‍රයක් ගම්පහ, මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බව පවසමින්.

මෙම එන්තරවාසි යොමු කරමින් අමාත්‍යවරයා, මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද, නඩු ගාස්තු අය කරමින් නඩු පවරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසා තිබෙනවා.

එහිදී තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයකුට කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් අමාත්‍යවරයාගේ නීතීඥ නදීෂ හෙට්ටිආරච්චි යවා ඇති එන්තරවාසියේ සඳහන් බවද වාර්තා වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026