Skip to content
V
ප්‍රවාහන ලේකම් ඉල්ලා අස්වෙන්න යයි
featured news - උණුසුම් පුවත්

ප්‍රවාහන ලේකම් ඉල්ලා අස්වෙන්න යයි

By News Room · 29 May 2026

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගැනීම සුවිශේෂීය.

මේ අතර කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල සේවයේ සිට රාජ්‍ය සේවය වෙත පැමිණ ඇති අතර රජ්‍ය සේවයේ ඔහුගේ කාලය අවසන් වීමත් සමඟ මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන්ය. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026