Skip to content
V
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් මහතාගේ අවසන් කටයුතු හෙට (25)
featured news - උණුසුම් පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් මහතාගේ අවසන් කටයුතු හෙට (25)

By News Room · 24 September 2025

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ඊයේ (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.

මිය යන විට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, වේදිකාවේදී 'ජූරිය', 'කැලණි පාලම', 'මෝදර මෝල' සහ 'මී හරක් සුද්දෙක් ඔබ අමතයි' වැනි වේදිකා නාට්‍ය සඳහා තම දායකත්වය දැක්වූ අතර පුංචි තිරයේදී 'අකුරු මැකී නෑ', 'අපර්ණා', 'බට්ටි', 'ඇත් කඳ ලිහිණි', 'ඉසුරු පවුර', 'කසී සලු', 'මොණරවිල', 'නිසල විල', 'සුදු හාමිනේ', 'සුවඳ පද්ම' ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකටම දායකත්වය දුන්නේය.

'නිසල විල', 'තාරකා මල්','ආසයි මං පියාඹන්න' වැනි නිර්මාණවලදී ඔහු තමන් දැක්වූ දක්ෂතාවලදී ඇගයීමට ලක්වූ අතර නලින් කලක් දේශපාලනයටද සම්බන්ධව සිටියේය.

එම මහතාගේ දේහය ඊයේ (23) රාත්‍රියේ දී මත්තෙගොඩ ප්‍රසන්න උයනේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආ අතර එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) දා සවස 02ට නිවසේදී ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව මත්තෙගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026