Skip to content
V
ප්‍රවීණ රංගන ශිල්පිණී කුමාරි පෙරේරා සිය දිවි ගමන නිමාකරයි
featured news - උණුසුම් පුවත්

ප්‍රවීණ රංගන ශිල්පිණී කුමාරි පෙරේරා සිය දිවි ගමන නිමාකරයි

By News Room · 13 February 2025

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය. නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී වේදිකා රංගනය පිවිසියේ " වෙස්සන්තර' නාට්‍යයේ 'ක්‍රිෂ්ණජිනා'ගේ චරිතය රංගනය කරමිනි.

ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූ ඇය ප්‍රවීණ සංගීතවේදී  රංජිත් යාපා ද අල්විස් ඇයගේ ස්වාමි පුරුෂයාය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද  "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද රංගනයෙන් දායක වූ ඇය "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ අතර ගුවන් විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක ලෙසින් ද කටයුතු කළාය.

ඇය සිනමාවට පිවිසියේ "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයකිනි. "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය. මියයනවිට 69 වැනි වියෙහි පසුවූ ඇයගේ අවසන් කටයුතු පිළිඹඳව පසුව දැනුම්දෙනු ලැබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026