Skip to content
V
ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන ජීවන වේදිකාවෙන් බැස යයි
featured news - උණුසුම් පුවත්

ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන ජීවන වේදිකාවෙන් බැස යයි

By News Room · 23 September 2024

ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි. කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වේ.

වෙස් ඇඳුම් කට්ටලයට සමානකමක් දැක්වූ දේශීය කාන්තා රංඟවස්ත්‍රාභරණ කට්ටලය කාන්තාවන්ට සුදුසු ලෙස නිර්මාණශීලීව සෝමබන්දු විද්‍යාපතිගේ සහයෝගය සමඟ සකස් කිරීමේ ගෞරවය අදටත් හිමිවන්නේ වජිරා චිත්‍රසේනටයි.

තාණ්ඩව ගතිලක්ෂණ මෙන්ම චලන ද අන්තර්ගත වන උඩරට නර්තනයට ලාස්‍ය ලක්ෂණ සුදුසු පරිදි යොදා ගනිමින් කාන්තාවන්ට උචිත වූ නර්තන විලාසයන් සමඟ ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමට ඇය සමත් වුණා.

1949 දී චිත්‍රසේන මහතා රචනා කළ රාවණා මුද්‍රා නාට්‍යය සඳහා පූජා නර්තනයෙන් මෙන්ම කරදිය, නල දමයන්ති මුද්‍රා නාට්‍යයන් සඳහා නර්තනයෙන් ද තම දායකත්වය ලබා දෙනු ලැබුවා.

මේ අතරින් කරදිය මුද්‍රා නාට්‍යයේ සිසීගේ චරිතයත් නල දමයන්තිහි හංස ධේනුවගේ චරිතයත් ඇගේ නර්තන ප්‍රතිභාව මෙන්ම රංගන කෞෂල්‍ය ද විදහා දැක්වීමට සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026