Skip to content
V
ප්‍රවීණ ගායනවේදිනී පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

ප්‍රවීණ ගායනවේදිනී පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

By News Room · 1 December 2025

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ  පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය. මියයන විට 79 වැනි වියේ පසුවූ පුන්‍යා ගායනා කළ ‘දෑස වසාගමි, බකිණි ගඟේ, දෙනුවර මින් පසු’ වැනි ගීත රැසක් ජනප්‍රියත්වයට පත්විය. ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද ඇය කටයුතු කළ අතර, එම වැඩසටහන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට ද පත්විණි.

ගායක ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇයගේ දේහය පිළියන්දල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (2) පස්වරු 6.00 ට තුම්බෝවිල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026