Skip to content
V
පොරවකින් ගසා බිරිඳව මැරූ මෙල්බන් පදිංචි ලාංකිකයා රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

පොරවකින් ගසා බිරිඳව මැරූ මෙල්බන් පදිංචි ලාංකිකයා රිමාන්ඩ්

By News Room · 29 August 2024

බිරිඳට පොරොවකින් ගසා මැරීමේ සිදුවීමකට ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා නැමැත්තා වරදකරු වී තිබෙනවා.

නෙලෝමි පෙරේරා නැමැති ඔහුගේ බිරිඳගේ මරණය පිළිබඳව මාසයක පමණ කාලයක් නඩු විභාගය පවත්වා තිබෙන බව පැවසෙනවා.

එහිදී ඔහු අධිකරණය හමුවේ පවසා තිබුණේ ආත්මාරක්ෂාව සඳහා සිය බිරිඳට පහර දුන් බවයි.

සැකකරු විසින් මීට දෙවසරකට පෙර එනම්, 2022 වසරේ දෙසැම්බර් 3දා බිරිඳ ඝාතනය කළ බව පිළිගෙන තිබෙනවා.

සැකකාර 47 හැවිරිදි දිනුෂ් කුරේරා නැමත්තා චෝදනාවට වරදකරු කිරීමට පෙර වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පැය තුනක් පමණ සාකච්ඡා කළ බව පැවසෙනවා.

ඔහුගේ ආත්මාරක්ෂාව සඳහා ගත් පියවරකදී එය සිදුවුවත් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ.

නඩු විභාගය අතරතුරදී සැකකරු පවසා තිබුණේ මෙල්බන් පිහිටි නිවසේ ආරවුලකදී බිරිය පිහියක් පෙන්වා තර්ජනය කරමින් සිය ඇඟිල්ලක් සැපූ බවයි. මේ අතර මියගිය කාන්තාවගේ තුවාල 35 ක් තිබූ බව නීතිඥයින් විසින් ජූරි සභාවට දැනුම්දී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද (30) වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව විසින් මෙම නඩුවේ තීරණය ප්‍රකාශ කොට තිබෙන අතර සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර සිටිනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026