Skip to content
V
ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්
featured news - උණුසුම් පුවත්

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

By News Room · 30 September 2024

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී  මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා රජය තීරණය කෙරුණි. කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් තම ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් වෙනත් රාජකාරීවල නිරත වී සිටි නිලධාරීන් සේවයේ අවශ්‍යතාව මත පොලිසියට අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026