Skip to content
V
ප්‍රධාන ජලාශ 27ක් පිටාර මට්ටමට පැමිණෙයි
featured news - උණුසුම් පුවත්

ප්‍රධාන ජලාශ 27ක් පිටාර මට්ටමට පැමිණෙයි

By News Room · 13 January 2025

ප්‍රධාන ජලාශ 73 න් 27 ක් මේ වනවිට වාන් දමන මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10 න් 07 ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු පී.එස්.ඩී හේරත් සඳහන් කළා.

අම්පාරේ ප්‍රධාන ජලාශවලින් තුනක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟා වී ඇති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4 න් 3 ක් මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී ඇති අතර, හම්බන්තොට ප්‍රධාන ජලාශ 10 න් දෙකක් පිටාර මට්ටමට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළා.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ දෙකෙන් එකක් පිටාර මට්ටමේ ඇති අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3 න් 2 ක් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ 10 න් එක් ජලාශයක් වාන් දමමින් පවතින බවත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජලාශ 3 න් දෙකක් වාන් දමමින් ඇති බවත්, පොළොන්නරුවේ ද ප්‍රධාන ජලාශ 4 න් එකක් වාන් දමමින් තිබෙන බවත් පී.එස්.ඩී හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026