Skip to content
V
ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු
featured news - උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු

By News Room · 19 January 2025

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හමු වූ නාඳුනන මළ සිරුරු කිහිපයක් සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (18) දිනයේ දී මෙම මළ සිරුරු හමු වූ බවද පොලීසිය පවසයි. මිල්ලනිය පොලිස් වසමේ හල්තොට ඇල ඉවුරේ නාඳුනන මෘත ශරීරයක් ඇති බවට ඊයේ සවස මිල්ලනිය පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි. මෘත ශරීරයේ ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස පමණක් ඇති බවට එහි අස්ථි කොටස් පමණක් ඉතිරි ව ඇති බවත් පොලීසියට එහිදී නිරීක්ෂණය වී තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර ඊයේ දහවල් කාලයේ කිරිඇල්ල පොලිස් වසමේ කුරුගම්මෝදර ප්‍රදේශයේ කළු ගඟේ මෘත ශරීරයක් ඇති බවට කිරිඇල්ල පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබේ. ඒ අනුව සිදුකල විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ මෘත ශරීයේ අස්ථි කොටස් පමණක් ඉතිරිව ඇති බවත් හිස කොටස නොමැති බවත්ය.  මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ. මියගොස් ඇති පුද්ගලයා ලා නිල් පැහැති දිග කලිසමක් හැඳ සිටි අයෙකු බවද පොලීසිය පවසයි. මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

තවද මඩකලපුව පොලිස් වසමේ සින්න උප්පොඩි කලපුවේ කාන්තා මළ සිරුරක් ඇති බවට මඩකලපුව පොලිස් ස්ථානයට ලද පණිවිවුඩයක් ලැබී තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මියගොස් ඇත්තේ සිහින් සිරුරකින් හිමි වයස අවුරුදු 60-70ත් අතර කාන්තාවක් බවය. අවසන් වරට සුදු හා කොළ පැහැති මිශ්‍ර ගවුමකින් සැරසී සිට ඇති බවත් පොලීසිය පවසයි. මෘත ශරීරයේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය මේ වන විට මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධව මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026