Skip to content
V
පියාගේ ජීප් රථයට යටවී තුන් හැවිරිදි දරුවා මරුට
featured news - උණුසුම් පුවත්

පියාගේ ජීප් රථයට යටවී තුන් හැවිරිදි දරුවා මරුට

By News Room · 11 November 2024

මරදාන - දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. ඊයේ (10) දහවල් පියා විසින් නිවස අසල ජීප් රථය ගාල් කිරීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026