Skip to content
V
පිඹුරන් 4ක් සහ ගැට කිඹුලෙක් සඟවාගෙන සිටි පිරිසක් දැලේ
featured news - උණුසුම් පුවත්

පිඹුරන් 4ක් සහ ගැට කිඹුලෙක් සඟවාගෙන සිටි පිරිසක් දැලේ

By News Room · 21 August 2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම වැටලීමේදී ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු ද සොයාගත් බවය. වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයක උඩු මහළ තුළ මෙම සතුන් සඟවාගෙන සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අලෙවිසැළ පවත්වාගෙන ගිය හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ද වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සතුන් ගුවන් මගින් ගමන් මලු තුළ සඟවා මෙරටට රැගෙන එන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය ප්‍රදේශයක පිහිටි වැවකින් අල්ලා ගන්නට ඇතැයි සැක කරන අතර මෙම එක් සතෙකු රුපියල් ලක්ෂ තුනකට ඉහළ මිළකට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙලෙස සොයාගෙන තිබේ. මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026