Skip to content
V
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතියට බරපතල තුවාල
featured news - උණුසුම් පුවත්

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතියට බරපතල තුවාල

By News Room · 30 October 2024

අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. 

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියකි.

මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බර පතල තුවාල ලැබූ කාන්තාව, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ  බව පොලිසිය කියයි. 

පිහි අනුම සිදු කල පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර  ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම  සිදු කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි. 

එම දෙදෙනා අද (30) දහවල් හමු වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී  දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ  පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට  ඇතුලත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී, උල් පිහියක් සහ වස බෝතලයක් සොයාගත් බවත් සැකකරු විසින් තම පෙම්වතිය ඝාතනය කර, එම සැකකරුද වස පානය කර දිවි නසා ගන්නට සැලසුම් කර තිබූ බවට සැක කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මෙහෙයවති. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026