Skip to content
V
පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට සැරසෙයි
featured news - උණුසුම් පුවත්

පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට සැරසෙයි

By News Room · 1 December 2024

එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය අනිවාර්යෙන්ම ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ  සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

"පෙබරවාරි සිට අනිවාර්ය වශයෙන් අපිට වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය කරන්න දෙනවා කියලා අපිට වචනයක් දීලා තියෙනවා. අපි ලෑස්තියි වාහන ගෙන්වන්න. ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මේ මගින් ලැබෙනවා. වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කළා වාහන ආනයනයට ප්‍රතිපත්තියක් සක ස් කිරීමට. ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම වාහනවලින් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. පෙබරවාරිවල සිට වාහන ගෙන්වනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන්කරලා දෙන්න කැමැති වෙලා තියෙනවා. ඒ වගේම IMF එකත්  වාහන ගෙන්වීම සඳහා අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න වාහන ආනයනකරුවන් 600ක් පමණ අවුරුදු 04ක් තිස්සේ අසරණවෙලා. මේ ඉන්න වෙළෙන්ඳන්ටත් සාධාරණයක් වියයුතුයි."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026