Skip to content
V
පාප් වහන්සේට බරපතලයි
featured news - උණුසුම් පුවත්

පාප් වහන්සේට බරපතලයි

By News Room · 19 February 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියුමෝනියා රෝගී තත්ත්වය වැළඳී ඇති බව වතිකානුව සඳහන් කරනවා. එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම වර්ධනය වී ඇති බවයි වතිකානුව සඳහන් කරන්නේ.

තවද මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. 88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ සතියකට වැඩි කාලයක් ශ්වසන ආසාදනයකින් පෙළුණු අතර, පසුගිය සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදීයි මෙම රෝගී තත්ත්වය සොයාගෙන තිබෙන්නේ. පසුගිය සතියේ දී පාප් වහන්සේට බ්රොන්කයිටිස් රෝග ලක්ෂණ ඇති වූ අතර, උත්සවවලදී සූදානම් කළ කථා සිදු කිරීමට නිලධාරීන් පත් කර තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026