Skip to content
V
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්
featured news - උණුසුම් පුවත්

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්

By News Room · 24 February 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "අසාධ්‍ය" තත්ත්වයේ පසු වන බව වතිකානය නිවේදනය කරනවා. එහෙත්, උන්වහන්සේගේ ශ්වසන අර්බුදය උත්සන්න වී නොමැති බවයි වතිකානය පවසන්නේ. පාප් වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දී ඇති අතර උන්වහන්සේ රුධිර පාරවිලයනයට භාජනය කර තිබෙනවා.

රුධිර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහුගේ වකුගඩු අකර්මන්‍ය තත්වයක පවතින බවයි. උන් වහන්සේගේ වකුගඩු ගැටළුව පවතින්නේ වෛද්‍ය පාලනය යටතේ.

දින කිහිපයක් පුරා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙලුනු පාප්වහන්සේ ඉකුත් 14 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහුට මුලින්ම බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබාදී තිබෙනවා. උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව ඇති බව හඳුනා ගනු ලැබුවේ ඉන් අනතුරුවයි. ඊයේ, පාප් වහන්සේගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වූ විට ඇතිවන තත්වයකටද මුහුණ දී තිබෙනවා.

අඛණ්ඩව දෙවැනි සතියටත් සාම්ප්‍රදායික ඇන්ජලස් යාඤ්ඤාව පෞද්ගලිකව සිදු කිරීමට නොහැකි බැවින් තමා වෙනුවෙන් යාඥා කරන ලෙස පාප් වහන්සේ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026