Skip to content
V
පානදුරේ ගොඩනැගිලි 5ක් එකවර කඩා වැටෙයි
featured news - උණුසුම් පුවත්

පානදුරේ ගොඩනැගිලි 5ක් එකවර කඩා වැටෙයි

By News Room · 30 October 2024

පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු  දිවි බේරාගෙන  ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන දන්ත වෛද්‍ය වරියක සහ ඇයගේ දියණිය සහ පුත්‍රයා බව පොලිසිය කීය.

ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට පහත්වී තිබූ අතර, එහි සිටී වෛද්‍ය වරිය ඇතුළු තිදෙනා ඉවතට පැන ඇති බවත් අසල සිටී අයෙක් පැවසීය. මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු  මීටර් ගණනාවක දුරක් දුමාරයක් මෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබේ. පානදුර ජනප්‍රිය මාවතේ එක්පසක කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කානු ශුද්ධ පවිත්‍ර කල බවද සදහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026