Skip to content
V
පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරයි?
featured news - උණුසුම් පුවත්

පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරයි?

By News Room · 23 September 2024

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්ම මහත්මීන්ට එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026