Skip to content
V
පුද්ගල ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 5කට කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය
featured news - උණුසුම් පුවත්

පුද්ගල ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 5කට කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය

By News Room · 28 April 2025

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසල දී තරුණයෙකුට පොලුවලින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. 

එම චෝදනාවට වරදකරු කළ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්ද නියම කරනු ලැබීය. 

එම වරද සිදු කරන අවස්ථාවේ මෙම විත්තිකරුවන් දෙදෙනා වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ව සිටි බැවින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා  සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවය.

ඒ අනුව විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරුවන් කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය. 

මෙසේ මරණීය දණ්ඩනය නියම වූ එක් විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු පියා සහ පුතා බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නඩු විභාගය අතරතුරදි මියගොස් තිබුණි.

2012 වසරේ සැප්තැම්බර් මස 26 වනදා මට්ටක්කුලිය තොටුපොළ පාරේ කෝවිලක් අසල දෙපිරිසක් අතර වූ ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් 21 ක් හැවිරිදි අවිවාහක තරුණයෙකුව විකට් පොලු වලින් සහ පොලු වලින් පහරදී මරා දැමීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව  නඩුව ගොනුකර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026