Skip to content
V
පෞද්ගලික අංශයට ඡන්දයට අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම්දෙයි
featured news - උණුසුම් පුවත්

පෞද්ගලික අංශයට ඡන්දයට අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම්දෙයි

By News Room · 13 November 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හෙට (14) දින පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට අවශ්‍ය බවයි.

ඒ අනුව සේවා ස්ථානයේ සිට සේවා ස්ථානය දක්වා කිලෝමිටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 40ත් 100 ත් අතර නම් දින එකක නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 100 ත් 150 ත් අතරනම් දින 1 හමාරයක කාලයක් ද, කිලෝමිටර් 150ට වඩා වැඩි නම් දින 02 ක නිවාඩු කාලයක් ද ලබා දීම සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඡන්දය ලබා දෙන ස්ථානයට යාමට කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු දීමට සිදුවන විට අවස්ථානුකූලව සේවා යෝජනකයන් විසින් ඒ සම්බන්ධයෙන් දින තුනක නිවාඩුවක් ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.

තව ද ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබා දීමටත් එසේ දෙනු ලබන නිවාඩු කාල සිමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළුව සියළුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු බවත් එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මඟින් සේවා යෝජකයන්ට දැනුවත් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026