Skip to content
V
පුද්ගල ආදායම් බදු සංශෝධනය අද සිට
featured news - උණුසුම් පුවත්

පුද්ගල ආදායම් බදු සංශෝධනය අද සිට

By News Room · 1 April 2025

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව, විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම් සඳහා වන 15% ක බදු අයකර ගැනීම ද අද දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව ද අද දිනයේ සිට ඉහළ දමා ඇති අතර, රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකළ බවත්, අද දිනයේ සිට එම ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත 10% ක අනු ප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් 10% ක අනු ප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

කෙසේ නමුත් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි අතර, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026