Skip to content
V
පෘථිවියට නව සඳක්
featured news - උණුසුම් පුවත්

පෘථිවියට නව සඳක්

By News Room · 29 September 2024

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යනුවෙනි. දුරේක්ෂ ආධාරයෙන් ඔවුන්ට ග්‍රහකය සොයා ගැනීමට හැකිවූයේ පසුගිය අගෝස්තු 7 වැනිදාය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පෘථිවිය වටා කක්ෂයක ගමන් කරයි. එය දෙවැනි සඳක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය.

නොවැම්බර් 25 වැනිදා ග්‍රහකය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යෑමට නියමිතය.

2024 PT5 ග්‍රහකය මීටර් 10 ක පළලකින් යුක්ත බව පැවැසෙයි.

ග්‍රහකය පෘථිවිය වටා යද්දී එය පියවි ඇසින් හෝ සාමාන්‍ය දුරේක්ෂ ආධාරයෙන් හෝ දැක ගත නොහැකිය. හේතුව එය ඉතා වේගවෙන් ගමන් කරන කුඩා වස්තුවක් බැවිනි.

කෙසේ නමුත් තාරකා විද්‍යාඥයන් විශ්වය නිරීක්ෂණයට යොදා ගන්නා ප්‍රබල දුරේක්ෂවලින් කුඩා පැල්ලමක් ලෙස මෙම නව සඳ දැක ගැනීමට හැකිවනු ඇතැයි පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026