Skip to content
V
පොඩි ලැසීගේ නැන්දනියගේ රන් භාණ්ඩ කිලෝ 01ක් සේප්පුවක තිබී පොලිස් භාරයට
featured news - උණුසුම් පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ රන් භාණ්ඩ කිලෝ 01ක් සේප්පුවක තිබී පොලිස් භාරයට

By News Room · 1 May 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ආරක්ෂිත සේප්පුවක තිබී රන් භාණ්ඩ යැයි සැකකෙරෙන ආභරණ තොගයක් සොයාගෙන තිබේ. 

ඒ අනුව, මෙම සැකකරුගේ බිරිඳගේ මව වන නල්ලාහන්දි ශ්‍යාමා කුමුදුනී යන අයට අයත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බැංකුවක ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යැයි සැකකරන ආභරණ කිලෝ 01 ග්‍රෑම් 112 ක ප්‍රමාණයක් අධිකරණයේ නියෝග ප්‍රකාරව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇත.

මෙම ආභරණ නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් මිලදී ගන්නා ලද ආභරණ ද යන්න සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු සිදුකරයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් "පොඩි ලැසී" නැමති සැකකරු සහ ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස විමර්ශන ආරම්භ කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026